Tuesday, January 24, 2017

අත්වැරැද්දෙන් වූ මහා විනාසයෙන් කොන්කෝඩ් ගෙදර යවයි

කොන්කෝඩ් ගුවන් යානා ගැන අපේ යාලුවෝ අහලා ඇතිනේ. වසර ගනනාවක් තිස්සේ සුපර් සොනික් අත්දැකිම අපිට ලබාදීපු කොන්කෝර්ඩ් යානා ඉතිහාසයේ සිදු වෙලා තියෙන්නේ එක් මරණිය ගුවන් යානා අනතුරක් පමණයි.





ඒ 2000 වසරේ ප්‍රංශයේ සිදුවු කොන්කෝඩ් අනතුර. අනතුර නිසා ඇතිවුන විරෝධතාව නිසා යානා භාවිතයෙන් ඉවත් වෙන්නත් හේතු වුනා.නමුත් අනතුර වුනේ ප්‍රධාන ලෙස යානාවේ දෝශයක් නිසාම නෙවෙයි.

ශබ්දයේ වේගය පරදන කොන්කෝඩ් යානා නිපදවන්නේ ප්‍රංශ හා බ්‍රිතාන්‍ය හවුලක් ලෙසයි. කොන්කෝඩ් හි උපරිම වේගය ශබ්දයේ වේගය මෙන් දෙගුණක්. එනම් මැක් 2.04(1,354 mph or 2,180 km/h) වනවා. කොන්කෝඩ්, වානිජමය ප්‍රවාහණ කටයුතු සිදුකල යානා දෙකෙන් එකක්. අනික වන්නේ රුසියාවේ නිෂ්පාදිත Tupolev Tu-144 යානාවයි(කෙටි කලක් පමණක් භාවිතා විය).

අනතුර වීමට දශක කිහිපයකට පෙර


වසර 27ක් පමණ ශබ්දයේ වේගය පරදන සුපර්සොනික් අත්දැකිම ලබාදුන් කොන්කෝඩ් යානාවේ මලගම සටහන් වෙන්න, කොන්කෝඩ් යානා ඉතිහාසයේ සිදුවු එකම මාරක අනතුර බලපෑවා. 

2000 ජූලි 25 වන දින Air France Flight 4590  කොන්කෝඩ් යානාව පැරිසියේ චාල්ස් දෙගුල් ගුවන්තොටුපලේ සිට නිව්යොර්ක් කෙනඩි ගුවන්තොටුපල දක්වා පෞද්ගලික සමාගම් සේවකයින් පිරිසක් රැගෙන යාමට සූදානම් ව සිටියා. යානාවේ ඒ වන විට සම්මත බරට වඩා කිලෝ 800ක් පමණ අමතර බරක් තිබී ඇතත්, එය ගුවන්ගමනකට එතරම් බලපෑමක් කරන්නේ නැ.

Continental Airlines DC-10 යානාව


කොන්කෝඩ් යානාව ගුවන් ගත වීමට මද වේලාවකට පෙර එම ධාවන පථයේම ගුවන්ගත වූ Continental Airlines DC-10 ගුවන් යානාවේ එන්ජිමේ සවිකර තිබූ අගල් 17ක් දිග  ටයිටේනියම් මිශ්‍ර ලෝහ කැබැල්ලක් ගැලවී ධාවන පථයට වැටි තිබෙනවා.



ගුවන් ගත කිරිම සදහා ධාවන පථයේ ගමන් කල කොන්කෝඩ් යානාවේ ටයර් වල මෙම ලෝහ කැබැල්ල ගැටි තිබෙනවා. ලෝහ කැබැල්ල ගැටිමෙන් කැපි යන ටයර් කොටසක්, යානාවේ තෙල් ටැංකියේ අධික ගම්‍යතාමයකින් වැදිලා ටැංකිය තුල තිබු තෙල් වල විශාල රැලිති ඇතිවෙලා පිඩනය වැඩි වෙලා ටැංකියේ සාපෙක්ෂව දුර්වල තැනකින් ඉන්දන කාන්දු වෙලා තිබෙනවා.

නමුත් ඔයාලාට හිතෙයි රබර් කැල්ලක් වැදුනාම මෙච්චර ලොකු දෙයක් වෙන්න පුලුවන්ද කියලා? වැදුන රබර් කැල්ල කිලෝ 4.5ක් පමණ වෙනවා. අනික එහි වේගය තත්පරයට මීටර් 140ක් පමණ වෙනවා. හිතාගන්නකෝ කොච්චර ලොකු ගම්‍යතාවක්ද කියලා.

පසු පුනරූපනයක්











ඉවතට ගලා ආ ඉන්දන ගුවන් යානාවේ එන්ජින් වලට ඇතුල්වෙලා එන්ජින් ගිනිගැනිමට ලක්ව ක්‍රියාවිරහිත වීමකට ලක්වුනා.


යානාව උපරිම වේගයකට ලගාවෙලා තිබ්බ නිසා තිරිංග යෙදිමට හැකියාවක් නැති නිසා ගුවන්ගත වීම හැර වෙන විකල්පයක් තිබුනෙත් නැ. ගුවන්ගත වුනත් එන්ජින් හා හයිඩ්‍රොලික් පද්ධති අක්‍රිය නිසා යානාව පාලනය කරගන්න නියමුවන්ට හැකියාවක් ලැබුනේ නැ.



නැවත යානාව හැරවීමට  උපනියමුවා යෝජනා කලත් එසේ කිරිමේ හැකියාවක් ප්‍රධාන නියමුවාට තිබුනේ නැ. ඒ නිසා ඔහු තිරණය කලේ යානාව ජනශූන්‍ය හිස් බිමක් කරා ගෙනයාමටයි. එමෙන්ම ගුවන් පාලක මධ්‍යස්ථානයෙන්  අසල තිබූ තවත් ගුවන් තොටුපලක් වෙත ගමන් කරන මෙන් දන්වා සිටියත් නියමුවා සදහන් කලේ එයට ද අවස්ථාවක් නැති බවයි.

නියමුවා හා  ගුවන් පාලක කුලුණ අතර ඇතිවූ සංවාදය

Co-pilot: "Le Bourget, Le Bourget."
Pilot: "Too late (unclear)."
Control tower: "Fire service leader, correction, the Concorde is returning to runway zero nine in the opposite direction."
Pilot: "No time, no (unclear)."
Co-pilot: "Negative, we're trying Le Bourget" (four switching sounds).
Co-pilot: "No (unclear)."
   


  පාලනයෙන්  ගිලිහුනු යානාව ගුවන්තොටුපල අසල තිබු හෝටලයකට කඩා වැටුනා.

අනතුරින් යානාවේ සිටි මගින් සියලුම දෙනා (100) හා කාර්ය මන්ඩලය (9) ජිවිතක්ෂයට පත්වූ අතර, හෝටලයේ සිටි 4 දෙනකුද ජිවිතක්ෂයට පත්වුනා.

පසුව කල පරික්ෂණ වලදි අනතුරට හේතු වූ කරුනු මෙසේය.


1) Continental යානයේ අවිධිමත් නඩත්තුව | ගැලවුනු තහඩුව අවිධිමත් ලෙස සවිකිරීම ප්‍රධාන වැරැද්දක් උනා. නඩත්තු භාර ඊශ්‍රායල් සමාගමේ නඩත්තු කාර්මිකයාගේ වරදක් ලෙස හා එය නිවැරදිව පරික්ෂාවට ලක් කල ඉන්ජිනේරුවාගේ අතපසුවීම ලෙස පසුව එය හෙලිවුනා.

2) යානාවේ තිබූ අමතර බර සාමාන්‍යයෙන් වැඩිබරක් නොවුනත් මේ අවස්ථාවේදි එය අවාසිදායක වුනා.

3) ඇතුලත සමබර කිරීම සදහා පිපිරී ගිය ටැංකිය 94% ක් පුරවා තිබීම. වැදීමත් සමග සම්පිඩනය වීමට ඉඩ නොතිබිම නිසා වෙන තැනකින් ටැංකිය පුපුරා ගියා.

4) රෝද සවිවී ඇති කුටියේ ටයර කැබලි වැදීම නිසා වයර් තුවාල වීමෙන් ගින්නක් ආරම්භ වීම. එන්ජිමේ ඇතිවන ගින්නක්  නිවා දමන්න ක්‍රමවේදයක් පැවතුනද, මෙහිදි ඇතිවූ ගින්න නිවාදැමිමට ක්‍රමවේදයක් නැ.

පෙර සදහන් කල පරිදි කොන්කෝඩ් ඉතිහාසයේ වූ එකම මාරක අනතුර මෙය උනත්, එමගින් කොන්කෝඩ් පැවැත්මට දැඩි බලපෑමක් කලා. මෙම අනතුර වනතෙක්, ලොව ආරක්ෂිතම ගුවන්යානා ලෙස කොන්කෝඩ් හැදින්වූවා. නමුත් අනතුර සමග සියල්ල උඩුයටිකුරු උනා.

ලොව පුරා ඇතිවූ විරෝධතා, ජනතා බිය, ඉල්ලුම පහල යෑම , අධික නඩත්තු වියදම් මෙන්ම 2001 සැප්තැම්බර් ප්‍රහාරය නිසා ගුවන්ගමන් ක්ෂේත්‍රයට ඇතිවූ දැඩි බලබෑම හේතුවෙන් 2003 වසරේ කොන්කෝඩ් යානා බලෙන් විශ්‍රාම ගන්වනු ලැබුවා.

   


3 comments: