Tuesday, June 14, 2016

නිකං ඉදලා පඩි ලැබෙන පුදුම සමාගමක්


හැමදාම දහස් ගනනක සේවකයින් වැඩට එන, සේවකයින් මැනේජර්වරුන් ඉන්න, උසස් විම් පවා ලැබෙන නමුත් කිසිම වැඩක් කරන්න නැති, නිසි ලෙස පඩි හා පඩි වැඩිවිම් ලැබෙන අමුතුම ආකාරයේ සමාගමක් තියෙනවා කියලා කිව්වොත් ඔයාලා පුදුම වෙයි. ඒ වගේ තැනක රස්සාව කරන්න ලැබෙනවා නම් හැමෝම කැමති වෙයි.
ඒ ගැනයි මේ ලිපිය. 


අසල්වැසි ඉන්දියාවේ,   හමුදාවට අවශ්‍ය රෙදිපිලි නිෂ්පාදනය කරන්න British India Corporation යන ආයතනය පිහිටුවන්නේ 1920 වසරේදි.  British India Corporation හි ආරම්භකයා වන්නේ සර්  ඇලෙක්සැන්ඩර් මැක්රොබට් මහතායි. ඉන්දියාවේ කාන්පූර් නගරයේ මෙහි ප්‍රධාන කාර්යාලය පිහිටා තිබෙනවා.

                                     


1981 වසරේදි මෙම ආයතනය රජයට පවරාගන්නවා. එතැන් පටන් මෙම ආයතනය පාලනය වන්නේ ඉන්දියා පේශකර්ම අමාත්‍යංශය යටතේයි.

1989 වසරේ සිට British India Corporation Limited කිසිදු ආදායමක් උපයා නැ. වර්තමානය වන විට සේවකයින් 1800ක පමණ පිරිසක් සිටියද, 2005 වසරේ සිට අද දක්වා මෙම ආයතනය මගින් කිසිදු නිෂ්පාදනය සිදුකර නැ.        




දහසකට ආසන්න සේවකයින් නිතිපතා සේවයට පැමිණෙන අතර, සේවාකාලය තුල ඔවුන් කර්මාන්ත ශාලාව තුල වැඩක් නොකර කාලය ගතකර නැවත නිවෙස් වලට ගමන් කරයි. නමුත් නිසිලෙස ඔවුන්ට තම පඩිය ලැබේ. 

  • මිතුරන්ට පැනයක් එන්න පුලුවන් ඇයි නිකං පඩි ගෙව ගෙව තියාගන්නේ සමාගම වසා දමන්නේ නැතුව කියලා?


මේ සමාගම පිහිටුවන්නේ ලාභයට වඩා සේවාවක් සැලසිමේ අරමුණින්. ඒ වගේම නිතිරිති අනුව මෙම සමාගම වසා දමන්නවත්, පඩි නොගෙවා ඉන්නවත් බෑ. හුදෙක්ම මෙම සමාගම රුසියානු සමාජවාදි මොඩලයේ සමාගමක්.  මේ නිතිරිති නිසා වසා නොදමා, මුලු සේවක සංඛ්‍යාවම නඩත්තු කරමින් තියාගෙන යනවා. 

-රොෂීන් ප්‍රනාන්දු


1 comment:

  1. check the picture of the gate, the estabilished year was stated as 1876

    ReplyDelete